විදේශිකයෙකු රවටා ව්‍යාජ මැණික් ගල් ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු කොළඹ හත ප්‍රදේශයේ මැණික් අලෙවි කරන ස්ථානයක කළමනාකරුවෙක්.
සැකකරු විසින් මෙලෙස ව්‍යාජ මැණික් අලෙවි කර ඇත්තේ නවසීලන්ත ජාතිකයෙකුටයි.
නිල් මැණික් ගල් දෙකක් යැයි පවසා සැකකරු මෙම විදේශිකයාගෙන් අමෙරිකානු ඩොලර් දෙදහස් හාරසියයක් ද ලබාගෙන තිබෙනවා.
පසුව හොංකොං රාජ්‍යයට ගොස් ඇති විදේශිකයා එහිදී මෙම මැණික් ගල් පරීක්ෂා කර විට ඒවා ව්‍යාජ බව අනාවරණය කර ගැණුනා.
ඒ අනුව ඔහු නැවත මෙරටට පැමිණ කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ලබන 13 වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.