Wednesday, May 15, 2024

General line - 0115112241

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි




බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (15) පෙරවරුවේ මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ පවතින නඩු දෙකක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්. කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කිරීම හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදීම යන සිද්ධීන් දෙකට අදාළව උන්වහන්සේට එරෙහිව මෙම නඩු දෙක පවරා තිබුණා. 

එම නඩු අද (15) කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. උන්වහන්සේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවයි. 

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා. අදාළ නඩුව අගෝස්තු මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතයි.