Wednesday, May 15, 2024

General line - 0115112241

මොරගහකන්දේ මීළඟ මෙහෙයුමත් අරඹයි (PHOTOS)




වැඩ අවසන් විමට ආසන්න මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමේ පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. 

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්වන විදුලි ප‍්‍රමාණය මෙගා වොට් 25 ක්.

කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිවන මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් අදියරේ පැවතීම හේතුවෙන් ටර්බයින් යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කර පරික්ෂණ ආරම්භ කළ බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී. ජී. දයානන්ද අද (15) සඳහන් කළා.

ව්‍යාපෘතියේ වැඩ 95% ක්ම අවසන් වීම හේතුවෙන් විදුලිය නිපදවීමේ කටයුතු සඳහා කඩිනමින් ක‍්‍රියාකිරීමට හැකි වූ බව හෙතෙම සඳහන් කළා.

ව්‍යාපෘතිය හේතුවෙන් ලක්ෂ දහයකට අයත් පවුල්වල සාමජිකයින්ට සෙත සැලසෙන අතර මේ වන විටත් ව්‍යාපෘතිය යටතේ අවතැන් වු පිරිස් හට යටිතල පහසුකම් ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළා.

ඉහල ජලාධාර ප‍්‍රදේශවලට ලැබුනු ජලය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ද මේ වන විට ඉහල ගොස් තිබෙනවා.