Wednesday, May 15, 2024

General line - 0115112241

නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරු




රිය අනතුරකින් දැරියක් මිය යාමේ සිද්ධියක් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා නානුඔය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථ වාහන කොට්ඨාශයේ නිලධාරීන්ට වහා ක‍්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඔවුන් සියලූ දෙනා නුවරඑළිය මූලස්ථාන පොලිසිය වෙත මාරුකර යවා ඇති බවයි. අද උදෑසන නානුඔය නගරයේ පදික මාරුවකදී ටිපර් රථයක ගැටී පාසල් දැරියක් මිය ගියා. එලෙස මිය ගියේ නානුඔය රදැල්ල ප‍්‍රදේශයේ පදිංචි දෙව්මිණී ආකර්ශා නැමති හය හැවිරිදි දැරියක්.

අනතුරෙන් පසු ප‍්‍රදේශවාසීන් රියදුරුට පහර දී ටිපර් රථයට ගිනි තබා තිබෙනවා. අනතුරුව ඔවුන් මාර්ගය හරස් කරමින් ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එමෙන්ම ඔවුන් අදාල රිය අනතුර සිදු කළ ටිපර් රථයේ රියදුරා තම භාරයට ලබා දෙන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එය ප‍්‍රතික්ෂේප කළ නුවරඑළිය ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් සඳහන් කළේ නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන බවයි. ඉන් අනතුරුව ප‍්‍රදේශවාසීන් එම ස්ථානයෙන් විසිර ගියා. 


අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ටිපර් රථයේ රියදුරා නුවරඑළිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.