Tuesday, May 14, 2024

General line - 0115112241

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව යළි කැඳවයි




නිසි බලපත‍්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු තම සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබුවා. 

ධම්මාලේක හිමියන් වෙනුවෙන් සිටි ශරීර ඇප කරුවෙකු වෙනුවට වෙනත් ඇප කරුවෙකු ආදේශ කිරීමට මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න එහි දී අවසර ලබා දුන්නා. 

පළමු ඇපකරු ඉවත් වී ඇත්තේ පෞද්ගලික අවශ්‍යතාවක් හේතුවෙන් බවයි අධිකරණයේදී ප‍්‍රකාශ වුණේ. 

නඩු විභාගය ජූලි 12 වැනිදා දක්වා කල් තැබීමට ද මෙහිදී නියෝග කෙරුණා. 

මේ අතර මෙම නඩුවට පෙනී සිටීමෙන් පසු පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පල කළා.