Thursday, May 16, 2024

General line - 0115112241

සිංගප්පූරුව සහ ශ‍්‍රී ලංකාව අතර ගිවිසුම් 05ක්




ශ‍්‍රී ලංකාව අනාගතය දෙසට වැදගත් පියවර ගණනාවක් ඉදිරියට තබා ඇතැයි සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සිංගප්පූරුවේ ඉස්තානා මංදිරයේ අද (18) පැවති සාකච්ඡාවකදීයි.

සිංගප්පූරුව මෙතෙක් පැමිණි වසර 50ක ගමනට වඩා අභියෝගාත්මක ගමනක් මීලඟ වසර 50දී ශ‍්‍රී ලංකාව හමුවේ තිබෙන බවද ටෝනි ටැන් කෙං යැම් මහතා කියා සිටියා. එම අභියෝගයට මුහුණ දෙමින් ශ‍්‍රී ලංකාව ගෙන යන සංවර්ධන වැඩපිළිවෙලට සිංගප්පූරුවේ පූර්ණ සහය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලුං සහ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඉදිරියේ අද ද්විපාර්ශවික ගිවිසුම් පහක් අත්සන් තැබුණා.

මෙමගින් වෙළඳ, නගර සංවර්ධන, සංස්කෘතික, රාජ්‍ය සේවා සහ කාර්මික හා වෘත්තීය පුහුණු යන අංශන්ගෙන් වර්ධනයක් අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ.

අත්සන් තැබුණු ගිවිසුම් පිළිබඳ විස්තර පහතින් දැක්වේ

011

13690837_806571906108984_4768897712684988508_n 13726617_806571916108983_8671950141019147134_n

13697291_806571922775649_2648618370413795182_n