Friday, May 3, 2024

General line - 0115112241

බලංගොඩ බැංකුවේ මුදල් කොල්ලයක්




බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පිහිටි සමුපාකාර ග්‍රාමීය බැංකුව කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබෙනවා. 

ගිනි අවි සමග බැංකුවට ඇතුළු වූ දෙදෙනෙකු එහි සේවකයන් බිය ගන්වා රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් කොල්ලකා පළා ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

එමෙන්ම බැංකුවේ සේවය කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි  රන් මාලයද ඔවුන් කොල්ලකා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.