Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුට වැඩ වරදී! තවත් 13ක් ඒ සමග




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු ඇතුළු 14 දෙනකු පමණ පිරිසක් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවීම පක්ෂ නායකත්වය විවේචනය කිරීම, වෙනත් පක්ෂ පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඒ තුළට ඇද ගැනීම, ඇතුළු චෝදනා ගණනාවක් මෙම සාමාජිකයින්ට එල්ල වී තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ කඩ කරමින් ඊට පටහැනිව දිගින් දිගටම කටයුතු කරමින් සිටි මේ සාමාජිකයන්ට එලෙස නොකරන ලෙසට පක්ෂ නායකත්වය මෙන්ම මධ්‍යම කාරක සභාව කරන ලද දැනුම් දී තිබියදී දීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරිම නිසා මීළඟ ක්‍රියාමාර්ගය කුමක් විය යුතුද යන්න පිළිබඳ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡාකර මොවුනට එරෙහිව විනය පරික්ෂණයන් සිදු කළ යුතුය යන ස්ථාවරයකට එළඹී තිබෙනවා. මේ අනුව පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ට එරෙහිව විනය පරික්ෂණ ආරම්භ කරන ලදි.

මේ අය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කිහිපයක් මේ වන විට අවසන් අදියරේ පවතින අතර ඉතා කඩිනමින් මේ පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත ය.