Friday, May 3, 2024

General line - 0115112241

ජීවිතේ බේරගන්න රටින් ගිය මාධ්‍යවේදී පෝද්දල ජයන්තගෙන් CIDයට පැමිණිල්ලක්




ඉකුත් ආණ්ඩු සමයේ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී අත පය කඩා දැමීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර‍කලාවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් අද කරනු ලැබුවා.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අතුළු තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙසේ පැමිණිළි කළා. 

2009 ජූනි මාසයේ දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත පය කඩා මහ මඟ දමා සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියා.