Friday, May 3, 2024

General line - 0115112241

උතුරේ අර්බුදය දිග්ගැස්සෙයි - හිටපු කෘෂිකර්ම ඇමතිගෙන් විග්නේෂ්වරන්ට නඩු




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් තමන්ට කළ චෝදනා සම්බන්ධයෙන් සහ ඒ  පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු තීරණවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී අයිග්‍රනේෂන් පවසනවා. 

යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා. 

පලාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම ඔහු පත් කළ කමිටුවද අසත්‍ය ප්‍රචාර පතුරවන බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ. 

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වුවද ඔහු දේශපාලනයට නුසුදුසු බවයි පී අයින්ග්‍රනේෂන් අවධාරණය කළේ. 

මේ අතර, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි ගුරුකුලරාජා සිය ඉල්ලා අස් වීමේ ලිපිය තමන් වෙත යොමු කළේ යැයි දුරකථනයෙන් දැනුම්දුන් බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා. 

යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියා. 

කෙසේවෙතත් තමන්ට එම ඉල්ලා අස් වීමේ ලිපිය මෙතෙක් නොලැබුණ බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා. 

එමෙන්ම තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ නීතිමය හැකියාවක් උතුරු පළාත් සභාපතිවරයාට තිබේද යන්න සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කරන බවද උතුරු පළාත් ප්‍රධාන අමාතයවරයා මෙහිදී සඳහන් කළා.