Thursday, May 16, 2024

General line - 0115112241

කතානායකට වූ අකරතැබ්බය අදාළ නෑනේ – සිවිල් ගුවන් සේවා අධිකාරිය




එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් විදේශ ගත වීමට යාමේදී කතානායක කරූ ජයසූරිය මහතාට සිදුවූ බව කියන අපහසුතාවය තමන්ට අදාළ නැතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

හෘද රෝග තත්ත්වයක් සඳහා ප‍්‍රතිකාර ගැනීමට සිංගප්පූරුව බලා පිටව යාමේදී කරු ජයසූරිය මහතා මෙම අපහසුතාවයට ලක්ව ඇත්තේ.

කරු ජයසූරිය මහතා එමිරේට්ස් සමාගමට අයත් යානයක කලින් වෙන්කරවා ගත් පළමුවෙනි පන්තියේ අසුනක අසුන්ගෙන සිටියදී අදාළ යානයේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් පැමිණ ඒ මහතාගේ වෛද්‍ය අවසර පත‍්‍රය ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් එවැනි අවසර පත‍්‍රයක් අවශ්‍ය බව එමිරේට්ස් සමාගම මීට පෙර දැනුම් දීමක් සිදුකර තිබුණේ නැහැ. එසේ තිබියදී වෛද්‍ය අවසර පත‍්‍රයක් නොමැතිව කරු ජයසූරිය මහතාට සිංගප්පූරුව බලා රැගෙන යාම එමිරේට්ස් සමාගම ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව එම ගුවන් යානයෙන් ඉවත් වී තවත් පැය 12කින් පසු සිංගප්පූරු ගුවන් සේවයට අයත් වෙනත් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමටයි කරු ජයසූරිය මහතාට සිදුව තිබෙන්නේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ආනන්ද විමලසේන මහතාගෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඇතිවූ සංවාදය පහතින් අහන්න.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයේ වාර්තාව අද දිනයේදී ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

ඒ අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව එමිරේට්ස් සමාගමේ කොළඹ කාර්යාලයීය ප‍්‍රධානී චන්දන ද සිල්වා මහතා කියා සිටියා.