Friday, May 17, 2024

General line - 0115112241

සටන අතනොහරින බව එළියට ආ නාමල් කියයි (VIDEO)




රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) පෙරවරුවේ ඇප මත මුදා හැරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි.

මන්ත‍්‍රීවරයා පිළිගැනීම සඳහා අධිකරණ පරිශ‍්‍රයට ආධාරකරුවන් බොහෝ පිරිසක්ද පැමිණ සිටියා. එහිදී ඇතිවූයේ තරමක කලබලකාරී තත්වයක්.

පැමිණ සිටි අධාරකරුවන් අමතා නාමල් රාජපක්ෂ මහතා කෙටි අදහස් පළ කිරීමක්ද කළා. ඔහු පැවසුවේ සතියක් නොව වසර ගණනාවක් තමන් සිරගත කළත් ආණ්ඩුව පෙරලන සටන අතනොහරින බවයි.

නාමල් රාජපක්ෂ මහතා අද ඇප මත මුදා හැරුණත් ඔහුට විදේශ ගමන් තහනම් කර තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඔහු නමින් පවත්වාගෙන යන සියලූ ගිණුම්වල වාර්තා පරීක්ෂා කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අවසර ලබාදුන්නා. මෙම නඩුව ලබන අගෝස්තු 08 වනදා නැවත කැඳවීමට නියමිතයි.

අදාළ වීඩියෝව පහතින් බලන්න