Thursday, May 16, 2024

General line - 0115112241

සංහිඳියාව විෂයක් ලෙස ඉගැන්වීමට ජනපතිගෙන් යෝජනාවක්




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඉකුත් දා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෙවැනි ගැටුම් වලක්වාලීම සඳහා සංහිඳියාව නමැති විෂය අධ්‍යාපන නිර්දේශවලටද ඇතුලත් කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ජර්මානු ආධාර යටතේ කිලිනොච්චියේ ඉදි කෙරුණු ශ‍්‍රී ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයකදී මෙම අදහස් පළ කෙරුණා.

අලුතෙන් ගොඩනගන බලවේගවලට තමන් බිය නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

සකස් කෙරෙමින් ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් වැරදි ප‍්‍රචාර පතුරුවා හරින බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් උත්සාහ කෙරෙන්නේ රට බෙදීමට නොව රට ඒකීයව පවත්වා ගනිමින් සියලු ජාතීන් අතර සමගිය ඇති කිරීමට බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

German Technical Training Institute in Kilinochchi (1) German Technical Training Institute in Kilinochchi (2) German Technical Training Institute in Kilinochchi (3) German Technical Training Institute in Kilinochchi (4) German Technical Training Institute in Kilinochchi (5) German Technical Training Institute in Kilinochchi (6)