Monday, May 13, 2024

General line - 0115112241

ජනපති වෛද්‍යවරුන්ට දුන්න එකඟතා හතර




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එහි ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමග අද උදෑසන පැවති සාකච්ඡාවේ දී  එකඟතා 04කට එළඹුණු බවයි. 

සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප‍්‍රදානය අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනම් කිරීම පළමු එකඟතාව වනවා. 

සයිටම් ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම දෙවන එකඟතාවයි. 

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදු වීමට ඉඩ නොදීම තවත් එකඟතාවක්. 

සයිටම් අර්බුදය තුළින් පැන නැගුණු මූලික ගැටළු සඳහා ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුම් ලබාදීම සඳහා නව ප‍්‍රවේශයකින් යුත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීම අනෙක් එකඟතාව වනවා.