Tuesday, May 14, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව අනතුරක




ලක්ෂ නවයකට අධික ශ‍්‍රී ලාංකිකයින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අවදානමකට ලක්ව ඇති බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. 

ඒ, දැඩි නියඟය සහ ඉන් අනතුරුව ඇති වූ දැඩි වර්ෂාව නිසා මෙරට වගා බිම් රැසක් විනාශ වීම හේතුවෙන්. 

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ 2017 වසරේ මෙරට සමස්ත වී අස්වැන්න ටොන් මිලියන දෙකයි දශම 7ක් පමණ වනු ඇති බවයි. 

එය පසුගිය වසරේ අස්වැන්නෙන් සියයට 40ක පහත් වැටීමක් බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. 

එමෙන්ම පසුගිය වසර පහක සාමාන්‍යයට වඩා සියයට 35ක පහත වැටීමක්. 

යල කන්නයේ අස්වැන්න ද පසුගිය වසරට වඩා සියයට 24කින් පහත වැටෙනු ඇති බවට අනුමාන කෙරෙනවා. 

මේ හේතුවෙන් ආහාර අනාරක්ෂිතභාවය අවම කිරීම සඳහා ගොවීන්ට සහය වීම අත්‍යවශ්‍ය බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.