Tuesday, May 14, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය හරහා සංඝරත්නයට අපහාස කිරීම ජනපති හෙළි කරයි




සමාජ වෙබ් අඩවි හරහා රටේ ගෞරවනීය මහා සංඝරත්නය අපහාසයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඒ පිළිබඳ දැඩි කණගාටුව පළ කරන අතර එය වත්මන් සමාජය තුළ සිදුව ඇති දැවැන්ත පරිහානියක් ලෙස තමා සලකන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 

නවීන තාක්ෂණය භාවිත කළ යුත්තේ සමාජ ප‍්‍රගමනයට මිස රට නොසන්සුන් කිරීමට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ කළුතර බෝධි පරිශ‍්‍රයේ අද පස්වරුවේ පැවති ශ‍්‍රී ලංකා අමරපුර මහ නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය අමතමින්. 

එහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ බුදු දහම සම්බන්ධයෙන් වැරදි මතයක් ඇති වීමට ඉඩ නොතැබිය යුතු බවයි. 

ශ‍්‍රී ලංකා අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය අද සිට ජූලි 03 වනදා දක්වා කළුතර උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙනවා.