Sunday, May 19, 2024

General line - 0115112241

පොලිසියට ප්‍රහාරයක් එල්ල කරන්න ගිය කොල්ලකරු වෙඩි කයි




අද (26) අලුයම සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් වරකාපොළ ප්‍රදේශයේදී අයෙක් මිය ගොස් තිබෙනවා.

පොලිසියි සඳහන් කළේ මෙලෙස වෙඩි තබා ඇත්තේ කොල්ලකරුවෙකුට බවයි.

නගරයේ පිහිටි වෙළඳ සැලක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරු පැමිණ ඇති අතර සිද්ධිය දුටු අයෙක් පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත ඒ බව දන්වා තිබෙනවා.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ ස්ථානයට පැමිණ ඇති අතර එහිදී සැකකරු පොලිසිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව සිදු වූ වෙඩි තැබීමෙන් මෙම කොල්ලකරු බරපතල තුවාල ලබා වරකාපොළ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.