Sunday, May 19, 2024

General line - 0115112241

"සයිටම් විරෝධී සටනේ ඉල්ලීම් ජනපති ලියවිල්ලේ නැහැ"




සයිටම් ආයතන පිළිබඳ රජයේ ස්ථාවරය ලෙස ඊයේ (25) දින ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ස්ථාවරය පැහැදිළි කර තිබෙනවා.

ඒ අනුව එහි ඇතුළත් කරුණු විශ්ලේෂණයේදී පැහැදිළි වන්නේ සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ආයතනයක් බවට පත් කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම ඉදිරියට පවත්වා ගැනීම රජයේ ස්ථාවරය වන බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

නමුත් මෙය සයිටම් විරෝධී කිසිඳු පාර්ශ්වයක් ඉල්ලූ විසඳුමක් නොවන අතර කිසිසේත්ම පිළිගත නොහැකි බවද දන්වා සිටිනවා.