Sunday, May 19, 2024

General line - 0115112241

ආපන ශාලාවේ හිමිකරුට පහරදුන් හත්දෙනා අල්ලයි




හෝමාගම ප‍්‍රදේශයේ ආපනශාලාවක දී එහි හිමිකරුට සහ සේවකයෙකුට පහරදුන් බවට සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පහරදීම සිදුව තිබුණේ ඉකුත් මැයි මස පළමු වැනි දිනයි. එදින මෙම ආපනශාලාවට පැමිණි සැකකරුවන් ආහාරයට ගැනීම සඳහා කොත්තු ඇණවුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් ගැටුමට හේතු වී තිබෙනවා.

පහරකෑමෙන් පසු සැකකරුවන් පැමිණි වාහනයේ අංක හෝමාගම පොලිසියට ලබාදීමට ආපනශාලාවේ හිමිකරු කටයුතු කර තිබුණා.

ඒ අනුව සිදු කළ පරීක්ෂණවලට අනුව අත්අඩංගුවට ගත් සැකකැවන් හෝමගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.