Sunday, September 22, 2024

General line - 0115112241

හම්බන්තොටට තද සුළං - බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට වැසි




එළඹෙන පැය 36 දී හම්බන්තොට දිස්ත්‍රික්කයට විටින් විට තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලටත් ගාල්ල දිස්ත්‍රික්කයටත් වැසි ඇති විය හැකියි. 

ඌව සහ නැගෙනහිර පළාත්වලට ද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

අනුරාධපුරය, මඩකලපුව, කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුරය සහ ත්‍රීකුණාමලයට ද වැසි ඇති විය හැකියි. 

ඒ අතරින් අනුරාධපුරය, මඩකලපුව, නුවරඑළිය හා ත්‍රීකුණාමලයට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.