Sunday, September 22, 2024

General line - 0115112241

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනපතිට චෝදනා කිරීම අනුමත කළ නොහැකි බව මහින්ද අමරවීර කියයි




උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත චෝදනා කිරීම අනුමත කළ නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

මේ අතර උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ බදුල්ලේ දී අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. 

එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න, උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව හෙට අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනු කමිටු පත් කිරීමෙන් ඵලක් නොවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.