Sunday, September 22, 2024

General line - 0115112241

ශිෂ්‍ය ව්‍යාපාරය අවතක්සේරු නොකරන්නැයි සයිටම් සිසුන්ගේ දෙමව්පිය සංගමය ආණ්ඩුවෙන් ඉල්ලයි




සයිටම් ආයතනයට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය අවතක්සේරු කිරීම සුදුසු නොවන බව මාලඹේ සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙම්පිය එකමුතුව පවසනවා. 

මේ අතර අමාත්‍ය සයිටම් අරගලයේ නිරත සිසුන් සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද අදහස් පළ කළා.

සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය එකමුතුව විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය පස්වැනි දිනටත් අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ක්‍රියාත්මක වුණා. 

විශ්ව විද්‍යාල සිසුන්ගේ මව්පියන් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට මේ වනවිට වෘත්තීය සංගම් කිහිපයක් ද සහය පළ කර තිබෙනවා.