Sunday, September 22, 2024

General line - 0115112241

හමුදාපති පත් කෙරේ - නව හමුදාපතිගේ තොරතුරු මෙන්න 




යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී තනතුර දැරූ මහේෂ් සේනානායක  නව හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් හමුදාපති තනතුර හිස්ව පැවතුණා.

නව හමුදාපතිවරයා  කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1981.10.16 වනදා බඳවාගැනීම් පාඨමාලා අංක 16 යටතේ කැඩෙට් නිළධාරියකු ලෙස යුද හමුදාවට එක්වූ අයෙකු වනවා.

1983.06.23 වනදා එම පාඨමාලාවේ සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්වුණා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියළු යුධහමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථාවරයන් යටතේ ඔහු සක්‍රියව සහභාගි වී තිබෙනවා. 

නව හමුදාපතිවරයා  යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති ලෙසද පසුගිය කාලයේ කටයුතු කළා.