Sunday, September 22, 2024

General line - 0115112241

ඩෙංගු මඩින්න නෙත් සමග ස්වේච්ඡා සංවිධාන එක්වෙයි




වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පය යටතේ නෙත් එෆ් එම් රේඩියෝව සමග එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් සංවිධාන කිරීමට බුලත්සිංහල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එකමුතුවක් කැමැත්ත පළ කළා. 

බලධාරී ආයතන විසින් සිදුකරන තෙක් බලා නොසිට හඳුනාගන්නා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

ඩෙංගු වාහක මදුරුවාට පියාසර කළ හැකි දුර මීටර් දෙසියයත් පන්සියයත් අතර බව වෛද්‍ය මතය වනවා. 

ඒ අනුව තමන් වෙසෙන පරිශ්‍රය අවට මීටර් පන්සියයක කලාපයක්වත් මදුරුවන්ගෙන් තොරව පවත්වා ගැනීමට ක්‍රියාකලහොත් ඔබටද ඩෙංගු රෝගයෙන් ආරක්ෂා විය හැකියි. 

තමන් වෙසෙන හෝ යන එන පරිශ්‍රයක දකින මදුරුවන් බෝ වන ස්ථාන තවත් කෙනෙකු ඉවත් කරන තෙක් නොසිට ඔබ විසින් හෝ තවත් කිහිප දෙනෙකු සමග සංවිධාන වී හැකි ඉක්මණින් ඉවත් කරන ලෙස නෙත් එෆ් එම් රේඩියෝව යෝජනා කර සිටිනවා. 

එහෙත් කිසියම් කරුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම ඔබේ මට්ටමෙන් කළ නොහැකි නම් ඒ පිළිබද අප වෙත දැනුම්දීම සදහා ක‍ෂණික ඇමතුම් අංකයක් ද විවෘතයි. 

උදෑසන අටේ සිට පහ දක්වා කාලයේදී ඊට අමතා අදාළ තොරතුරු ලබාදිය හැකි වනවා. 

ඔබ විසින් සංවිධාන කරන ඩෙංගු මර්දන වැඩසටහන සදහා සහායවීමටද නෙත් එෆ් එම් රේඩියෝව සූදානම්. 

077 200 18 65 ක‍ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස අප ඉල්ලා සිටිනවා.