Sunday, September 22, 2024

General line - 0115112241

ආපදාවට පත් රජයේ සේවකයින්ට ඇප කරුවන් නැතුව ණයක්




අපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් රජයේ සේවකයන්ට විශේෂ ණය අත්තිකාරම් මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ණය යෝජනාක්‍ර‍මය මගින් ස්ථිර රජයේ සේවකයෙකුට මුලික වැටුප මෙන් හය ගුණයක මුදලක් පොලී රහිත ණයක් වශයෙන් ලබාගත හැකි වනවා. මෙම ණය මුදල ලබාගැනීමට ඇපකරුවන් අවශ්‍ය නොවන අතර වාරික 36ක් මඟින් නැවත මුදල් ගෙවිය යුතුය.
 
තාවකාලික හා අනියම් රජයේ සේවකයන් සඳහාද මෙම ආපදා ණය හිමිවන අතර, ඔවුනට මසක වැටුප මෙන් තුන් ගුණයක මුදලක් වාරික 18කින් නැවත ගෙවීමේ පදනම මත පොලී රහිතව ලබාගත හැකිය. ඔවුන් එක් ඇපකරුවෙකු ඉදිරිපත් කළ යුතුය.වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.