Sunday, September 22, 2024

General line - 0115112241

අනූනවයෙන් බේරුනු බුත්තල බස් අනතුර (PHOTOS)




වැල්ලවාය මොනරාගල මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රදේශය රිය අනතුරු බහුල බවත් මෙම අනතුර සිදු වී ඇති ආකාරය අනුව ජීවිත බෙරි ඇත්තේ අනූනවයෙන් බව සිද්ධිය දුටුවන් පවසනවා.

අනතුරින් සුලු තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බුත්තල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

අනතුර සිදු වන අවස්ථාවේදී එම ප්‍රදේශයට වර්ෂාපතනය ලැබෙමින් පැවති අතර එම නිසා මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් අනතුර සිදු වී ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ බුත්තල පොලිසිය මගින් සිදු කරනු ලබයි.