Sunday, September 22, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරන්න මෙහෙයුම් කමිටුව අද රැස්වෙයි




ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව අද (04) රැස් වනවා. 

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. 

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.  

මෙම මෙහෙයුම් කමිටු රැස්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක‍ෂවල නියෝජිතයින් සහභාගිවීමට නියමිතව තිබෙනවා. 

හෙට සහ අනිද්දාත් ව්‍යවස්ථාදායක මණ්ඩල මෙහෙයුම් කමිටුව රැස්වීමට නියමිතයි.

මේ අතර ව්‍යවස්ථාදායක සභාව අනිද්දා රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ, කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. 

අභියාචනාධිකරණ විනිසුරු තිදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.