Sunday, September 22, 2024

General line - 0115112241

සුක්කානම අතහැර නර්ථනයක යෙදෙමින් රිය පැදවූ වීඩියෝව නිසා මේනකා මධුවන්තිට අධිකරණයෙන් දුන්න දඬුවම 




සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කර තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඇය මෙලෙස හැසිරී එහි වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ‘ජනපතිට කියන්න‘ දුරකථන අංකයට කළ පැමිණිල්ලකට අනුව ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදුව තිබෙනවා.

බණ්ඩාරගම - ගැලනිගම පොලිස් මුරපොළ විසින්  පරීක්ෂණ පවත්වා ඇයව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේනකා මධුවන්ති අධිකරණයට පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.




 

අදාළ වීඩියෝව පහතින්