Sunday, September 22, 2024

General line - 0115112241

මහනායක හිමිවරුන්ගේ තීරණයට TNA විරුද්ධ වෙයි - හේතුව මෙන්න




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මල නාදන් පැවසුවේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස මහනා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යහපාලන ආණ්ඩුවක් පත්කර ගැනීමට කටයුතු කළේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අරමුණින් බවද මන්තී‍්‍රවරයා කියාසිටියා.

නව ව්‍යවස්ථාව තුළින් සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකියාව පවතින බවයි චාල්ස් නිර්මල නාදන් මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට දෙවසරක පමණ කාලයක් සාකච්ඡාවෙමින් තිබියදී ඊට මුල් අවස්ථාවේ විරුද්ධ නොවී වර්තමානයේ විරුද්දවීම තුළින් එම යාන්ත‍්‍රණය බිඳ වැටෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.