Sunday, September 22, 2024

General line - 0115112241

බුදු දහමට අත තියන්නේ නැහැ - අගමැති




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමිව තිබෙන ප‍්‍රමුඛස්ථානය කිසිදු විටෙක ඉවත් නොකරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන්ට තමන් ඒ බව දැනුම් දුන් බවයි අග‍්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ. 

විවාදයට එක් වූ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා කියා සිටියේ ඉකුත්දා පැවති සම්මන්ත‍්‍රණයක දී නව ව්‍යවස්ථාවට අදාළව යෝජනා 03ක් ඇතුළත් වාර්තාවක් එළිදක්වා ඇති බවයි. ව්‍යවස්ථා සභාව විසින් පත්කර ඇති මෙහෙයුම් කමිටුව මේ දක්වා කිිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ කෙසේද යන්න මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා, අග‍්‍රාමාත්‍යවරයාගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළා. 

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා ස`දහන් කළේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබ`දව විවිධ පාර්ශවවලින් තවදුරටත් යෝජනා ඉදිරිපත් වන බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.  එවැනි වටපිටාවක් තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අදාළ කිසිදු අවසන් එක`ගතාවයකට පැමිණ නොමැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.  

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එහිදී බුදු දහමට තිබෙන ප‍්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරන බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.