Sunday, September 22, 2024

General line - 0115112241

සාගල තම ඇමතිධූරය ගැන කතා කරයි




තම අමාත්‍ය ධුරය වෙනස් කිරීමට ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට අයිතිය පවතින බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසනවා. ඉකුත් කැබිනට් රැස්වීමේ දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

"පාර්ලිමේන්තුවට පත්වෙන්න මම ජනතාව ළඟට ගියා. ඒත් ඇමතිකම මගේ අයිතිවාසිකමක් නෙවෙයි. වගකීමක් බාර දෙනකොට ඒ වගකීම ඉටු කිරීමේ වගකීම මට තියෙනව. 100%ක් විශ්වාසයි මම මගේ වගකීම් හරියට ඉටුකරල තියෙනව. ඉදිරියටත් ඒ දේ කරනව. වෙන වගකීමක් දෙනෙවනම් ඒ වගකීමත් හරියට ඉටු කරන්න මම සූදානම්.මට මගේ ආත්මගරුත්වය වෙන හැමදේකටම වඩා වටිනව"


තමන් සැම විටම නීතියට ගරු කරමින් ක‍්‍රියා කරන බවයි සාගල රත්නායක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

 

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපතිවරයාට භාරදිය යුතු බවයි  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ. පක්ෂ මූලස්ථානයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව කියා සිටියා.