Sunday, September 22, 2024

General line - 0115112241

මෑතකාලයේදී මහ නාහිමිවරුන් ඒකබද්ධව ක්‍රියාකළ අවස්ථාව මෙයයි! ජනපතිගෙන් සාධනීය පිළිතුරක්!




ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඒකාබද්ධව වෙනුවෙන් මෙලෙස සාකච්ඡාවක් කැඳවූ මෑත කාලීන් අවස්ථාවක් නැතිබව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන් වහන්නේ මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ නාහිමිවරුන් හා ජනාධිපතිවරයා අතර මහනුවර ජනාධිපති මැදුරේ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදීය.

"විවිධ ප්‍රශ්න මුල්කරගෙන අබුදකාරී තත්ත්වයක රට පවතින බව උන්වහන්නේ පෙන්වා දෙනවා. ස්වභාවික විපත් පවා ඇති වෙමින් පවතින බව පවසන උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ සියල්ලටම විසඳුම දේශපාලනය නොවන බව පිළිගන්නවා සේම, හැම දෙයටම දේශපාලනයට බලපෑම් කළ හැකි බැවින් ඒ සෑම ප්‍රශ්නයක්ම ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව උන්වහන්සේ පැවසුවා.

මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා සියල්ලටම පාහේ සාධනීය පිළිතුරු ලැබුණ බව උන්වහන්සේලා දන්වා සිටිවග සෝභිත හිමියන් පැවසුවා. යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික මතිමතාන්තර මුල්කරගෙන කියන කරුණු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගයි විරසකභාවයන් ඇතිවන්නේ."

නව ව්‍යවස්ථාව ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කරන ලෙසට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.