Sunday, September 22, 2024

General line - 0115112241

ඩෙංගු පිළිබඳ රජයේ වාර්තා ඇත්තමද?




ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පිළිබඳ රජයේ වාර්තා නිවරැදි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද (06) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එහි ලේකම් හරිත අලූත්ගේ මේ බව සඳහන් කළා. 

"2012දි ජනාධිපති තුමා, සෞඛ්‍ය ඇමතිකාලෙ කරන ලද වැඩ පිළිවෙල නිසා, ඒ මාරගෝපදේශන නිසි රටේ මිය ගිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩු වුණා. 2016/17 කාලෙ මරණ සංඛ්‍යාව වඩාත් වැඩි වුණා. 2012 පෙර තත්ත්වයට පත්වුණා. දැන් තියෙන චෝදනාව තමයි සත්‍ය සංඛ්‍යාලේඛණ ජනතාවට දෙන්නැ කියන එක. ඇත්ත රෝගී සංඛ්‍යාව ලක්ෂය පැනලද? මියගියේ 225 කියන්නෙ ඇත්ද? තොරතුරු හංගල මේක කලමනාකරණය කරන්න බැහැ කියන එක බලධාරීන්ට අපි මතක් කරනව"