Sunday, September 22, 2024

General line - 0115112241

OIC ගෙන් කප්පම් ගත් PCට වැඩ වරදියි




කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් විසිදහසක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා හෙට (07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු අද (06) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කැලි කසල බැහැර කිරීමේ සිද්ධියකට අදාළව චීන සමාගමකින් අල්ලස් මුදලක් ලබාගෙන ඇති බවට කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයාට මීට පෙර චෝදනා එල්ල වුණා. ඔහුට එරෙහිව කටයුතු නොකිරීම සඳහා අදාළ පොලිස් කොස්තාපල්වරයා රුපියල් තිස් දහසක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් විසිදහසක් ලබා ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගැණුනා.