Sunday, September 22, 2024

General line - 0115112241

බස්වලින් ඉවත් වෙන මගීන් ගැන හෙළිදරව්වක්




බස් ගාස්තු වැඩි වීම සහ ඉන්ධන ගාස්තු අඩු වීම හේතුවෙන් දිනකට මගීන් 1500ක් පමණ පොදු ප‍්‍රවාහන සේවාවලින් ඉවත් වීමේ ප‍්‍රවණතාවක්  පවතින  බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මේ හේතුවෙන් බස් කර්මාන්තය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බවයි.

"බස් ගාස්තු වැඩි වෙන්න වැඩි වෙන්න මගීන් විකල්ප ප්‍රවාහන සේවාවලට යොමු වෙනවා. අපි පසුගියදා මේ පිළිබඳ සමීක්ෂණයක් කළා. එහිදී අපිට අනාවරණය වූ කරුණක් තමයි මේ තිබෙන තත්ත්වයත් සමග මගී ජනතාවගෙන් දිනකට 1500 ක් පමණ විකල්ප ප්‍රවාහන සේවා වෙත යොමු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒ අතරට යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් ප්‍රවාහන සේවා රථ ඇතුළත්." යනුවෙන් ද ඔහු සඳහන් කළා.

පවතින තත්ත්වය දිගින් දිගටම ක‍්‍රියාත්මක වුවහොත් ලබන වර්ෂය වන විට බස් කර්මාන්තය මුළු මුණින්ම විනාශ විය හැකි බවත් මෙහිදී අවධාරණය කෙරුණා. මෙම තත්ත්වය පාළනය කරන්නට වහා තීරණ ගත යුතු බවත් දැනට ඇති පොදු ප්‍රවාහන බස් රථ භාවිතා කරන පිරිසගේ 42% සීමාව 35% දක්වා අඩු වීමේ ප්‍රවණතා පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළා.