Sunday, September 22, 2024

General line - 0115112241

ලංකා ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධය මෙන්න - 24 හැවිරිදි තරුණයාගේ හදවත 34 හැවිරිදි කාන්තාවකට බද්ධ කරයි




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති බවයි.

ඇයගේ හදවත සියයට 12ක් පමණ අකර්මණ්‍ය වී තිබූ බවත් මොළය මිය ගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එමෙන්ම තරුණයාගේ වකුගඩු දෙකද තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබෙනවා.

හදවත් බද්ධයට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධය සිදු කළ රෝගීන් දෙදෙනා මේ වනවිට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.

ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛදරුවරුන් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.