Sunday, September 22, 2024

General line - 0115112241

"පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා"




ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා මහාචාර්ය කොල්වින් ගුණරත්න පත්කිරීමේ සූදානමට විරෝධය පල කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ වෛද්‍ය ආඥා පනත උල්ලංඝණය කරන්නේ් නම් කෙටි කාලයක් තුළ ඊට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි. 

මහාචාර්ය කොල්වින් ගුණරත්න යනු සයිටම් ආයතනයට පක්ෂව කතා කරපු අයෙක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෛද්‍ය ආඥා පනත උල්ලංඝණය කර සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සිය සංගමය පියවර ගන්නා බවයි.