Sunday, September 22, 2024

General line - 0115112241

ජගත් සංවිධාන නියෝජිතයෙකු හෙට දිවයිනට




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු වන ඛෙන් එමර්සන් හෙට (09) දිවයිනට පැමිණෙනවා. 

ඒ, ත්‍රස්තවාදය පිටුදැකීම පිළිබඳ ක්ෂේත්‍රයන්හි මුලපිරුම් හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය පිලිබඳව සිදු කෙරෙන විමර්ශනයක් සඳහායි. 

ඔහු හෙට සිට ලබන 14වනදා දක්වා ශ්‍රී ලංකාව තුළ සංචාරය කරනු ඇති. 

එම කාලය තුළ දී ඔහු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමටද නියමිතයි.