Sunday, September 22, 2024

General line - 0115112241

පේදුරුතුඩුවේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිසියේ දෙදෙනා අධිකරණයට (UPDATE)




පොලිස් වෙඩි පහරින් පේදුරුතුඩුව ප‍්‍රදේශයේ දී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (10) ඉදිරිපත් කිරීමට නියමිතයි.

පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

එම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

 

-----------------------------------------------

පේදුරුතුඩුවේ සිද්ධියට පොලිසියේ 02 ක් අත්අඩංගුවට

(2017 - 07 - 10 06:59)

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී නොනවත්වා ධාවනය වූ මෙම වැලි ලොරියට පොලිසිය වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරා.

ඉන් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. සිද්ධියෙන් පසු ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානයට විරෝධය පළ කරමින් ඒ අසළ විරෝධතාවයේ ද නිරත වී තිබුණා.

පසුව තත්වය පාලනය කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.