Sunday, September 22, 2024

General line - 0115112241

එමීර් කාන්තාවගේ සිරුරේ නිරාවරණය වූ තැන්  'වීඩියෝ කළ' ලාංකික තරුණයාට අත්වූ ඉරණම 




ඩුබායි ඇඳුම් සාප්පුවක කාමරයක  ඇඳුම් මාරු කිරීමේ  නිරතව සිටි එමීර්  කාන්තාවකගේ සිරුරේ නිරාවරණය වූ තැන්   ජංගම දුරකථනයකින් වීඩියෝ කළ  ලාංකිකයෙකුට එරෙහිව එරට  අධිකරණය මගින් මාස තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

විසිපස් හැවිරිදි ලාංකික ශ‍්‍රමිකයෙකුට මෙම දඬුවම පනවා ඇති අතර  සිර දඬුවම අවසන් වූ වහාම ඔහු එරටින් පිටුවහල් කරන ලෙසටද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

එම කාන්තාව වීඩියෝ කරනු දැක  බියට පත්ව  කෑගසා ඇති අතර අදාළ චෝදනාවට  එම ලාංකිකයා අධිකරණයේදී වරද පිළිගෙන තිබෙනවා.