Sunday, September 22, 2024

General line - 0115112241

අලුත් මුදල් ඇමතිගෙන් අලුත් බදු ක්‍රමයක්




යෝජිත නව දේශීය ආදායම් පනත මගින් ශ්‍රී ලංකාවේ බදු කරණය සරල කරන අතර ඉදිරියේදී එය ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයන්ට මිත්‍රශීලි පනතක් වනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පැවසුවා.

වර්තමානයේ පවත්නා ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ඉතා සංකීර්ණ එකක් වන අතර එය අර්ථකථනය කිරීම නව ආයෝජකයින්ට ඉතා දුෂ්කර එකක් වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නව පනත මගින් බදු ක්‍රමය පුළුල් කර අන්තර්ජාතිකව පිළිගැනීමකට ලක්වූ දේශසීමාන්තර වාණිජ කටයුතුවලට අදාළ ප්‍රතිපත්තීන්ද ඇතුළත් කර ඇතැයි ද සඳහන් කළා.