Sunday, September 22, 2024

General line - 0115112241

හෙට පැය 16 ක ජල කප්පාදුවක් ගැන මණ්ඩලයෙන් නිවේදනයක්




කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසකට හෙට (12) දිනයේ පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව පෙරවරු 8.00 සිට රාත‍්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල සහ උතුර සහ දකුණු කළුතර ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල , දර්ගා නගරය, අලුත්ගම සහ පිලමිනාවත්ත ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව  ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.