Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රීලනිප සියලු මන්ත්‍රිවරුන්ව ජනපති හදිසි සාකච්ඡාවකට කැඳවයි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ මන්ත‍්‍රීවරුන් හදිසි සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබ තිබෙනවා.

එම සාකච්ඡාව අද (12) රාත‍්‍රී 08.00 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහි දී සාකච්ඡා කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

යහපාලන ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 18ක් පමණ ආණ්ඩුවෙන් ඉවත්වනු ඇති බවට ඉකුත්දා විවිධ වාර්තා පල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කරනු ඇති බවටයි පැවසෙන්නේ.