Sunday, September 22, 2024

General line - 0115112241

මහින්ද සමග සාකච්ඡා කළ යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නා මෙන්න




යහපාලන ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මෙලෙස හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී ඇත්තේ අරුන්දික ප‍්‍රනාන්දු, දුලිප් විජේසේකර සහ ටී.බී ඒකනායකයි.

එහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ යහපාලන ආණ්ඩුවට තවදුරටත් කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසයි.

ආණ්ඩු පෙරලීමට ඉක්මන් නොවන ලෙස ද ඔහු මෙහි දී ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වන්නේ.