Sunday, September 22, 2024

General line - 0115112241

ඩෙංගු මර්ධනයට ඉන්දියාවෙන් දුන් උපදෙස්




ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඉන්දීය විශේෂඥ උපදේශකයින් පිරිසක් කැබිනට් මණ්ඩලය වෙත තාක්ෂණික උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඊයේ (11) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීයි.

එම අවස්ථාවට ඉන්දීය විශේෂඥයින් සිව් දෙනෙකු සහභාගි වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම මත මෙම සාකච්ඡා සිදු වී තිබෙනවා.

එහි දී ඔවුන් ඩෙංගු රෝග ව්‍යප්තිය, රෝග පාලනයට ගත හැකි පියවර ඇතුළු තාක්ෂණික උපදෙස් මාලාවක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඩෙංගු මදුරු පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කළ වාර්තාව ද මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.