Sunday, September 22, 2024

General line - 0115112241

සියලු මාධ්‍ය එක් වී ඩෙංගු මඩින්න යයි




ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳ සියලූ මාධ්‍ය ආයතන එක්ව අද (12) ඒකාබද්ධ වැඩසටහනක් ක‍්‍රියාවට නංවා තිබෙනවා.

පෙරවරු 9.00 සිට 11.00 දක්වා සියලූ විද්‍යුත් මාධ්‍ය ආයතන අඛණ්ඩව ඩෙංගු මර්දනය පිළිබඳ ජනතාව දැනුවත් කරනු ඇති.

නිවාස හා පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ අවශ්‍යතා පිළිබඳ මෙහි දී අඛණ්ඩව ජනතාව දැනුවත් කරනු ඇති. 

ඩෙංගු මර්දනය සඳහා සිය සක‍්‍රීය දායකත්වය ක‍්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා මේ වනවිට ද ක‍්‍රියාත්මක වෙමින් සිටින නෙත් එෆ් එම් රේඩියෝව ද මේ සඳහා සිය දායකත්වය ලබා දෙනවා. 

අද පැවැත්වෙන මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම ඩෙංගු මර්දනයට ඉතා වැදගත් වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ. 

මෙම ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුමේ දෙවන අදියර එළඹෙන සෙනසුරාදා පෙරවරු 10.00 සිට 12.00 දක්වා සිදු කෙරෙනවා.

පාසල් සහ කාර්යාල පරිශ‍්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ලබන බදාදා දිනයේ ද මෙම මාධ්‍ය මෙහෙයුමේ තවත් අදියරයක් ක‍්‍රියාත්මක වීමට නියමිතයි.