Monday, September 23, 2024

General line - 0115112241

හෙට පැය 19ක ජල කප්පාදුවක්




හෙට (21) සිට අනිද්දා දක්වා පැය 19ක කාලයක් කෙළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන ජලනළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව හෙට රාත‍්‍රී 11.00 සිට අනිද්දා (22) පස්වරු 06.00 දක්වා ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇති.

කොටහේන, මට්ටක්කුලිය, ග‍්‍රෑන්ඩ්පාස්, තොටළඟ,ජයන්ත වීරසේකර මාවත සහ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.