Monday, September 23, 2024

General line - 0115112241

චැලි සුදා අල්ලයි! විදුලි වර්ජනයක් නැහැ!




ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකුට මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේ දී පහරදුන් බව කියන චැලි සුදා නමැති සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නුගේගොඩ පාගොඩ පාරේ ඇළුමිනියම් වැඩපොළක් තුළ සැඟව සිටියදීයි.

මිරිහාන සහ මුල්ලේරියාව පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුව ගැනුණා. විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයෙකුට සැකකරු මෙලෙස පහරදී තිබෙනවා.

එලෙස පහරකෑමට ලක්වූ විදුලි සේවකයා මුල්ලේරියාව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.