යහපාලන රජයේ පරමාර්ථ ඉෂ්ඨ කිරීමට කැප වී සිටින බැවින් රජයේ අනාගතය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව ගිවිසුම්ගතව ආරම්භ කළ ආණ්ඩුව වසර 2020 දක්වා ද ඉන් පසු නව ගිවිසුමක් යටතේ වසර 2025 දක්වා ද රට පාලනය කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ජපානයේ ජයිකා ව්‍යාපෘතිය යටතේ ගල්ගමුව රෝහලේ ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙි අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
"වත්මන් ආණ්ඩුව මානුෂවාදී ප්‍රතිපත්තියක් යටතේ ජනතාවට සහන ලබාදෙනවා. අන්ත දුගී ජනතාවගේ පැලටත් විදුලිය ලබාදුන්නා. යහපාලන ආණ්ඩුව කළ සේවාව රුපියල් ශත වලින් මනින්න බැහැ. මනුෂ්‍යකමින් තමයි මනින්න ඕන. ජනතාවට ප්රජාතන්ත්රවාදය, නිදහස ලබාදීමට රජය කටයුතු කළා. වෙනසක් ඇති වන විට විවිධ ප්‍රශ්න පැනනගිනවා. එය බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ කාලයේ සිට තිබූ ගැටළුවක්. අපේ රට ගොඩනැගීම සදහා සියළු දෙනා සහයෝගය ලබාදිය යුතුයි.
උසස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් උසස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීම සදහා විශාල සේවාවක් ඉටු කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුවෙන්.
දුම්කොළ භාවිතය අවම කිරිමට රජය ගත් ක්‍රියාමාර්ග අගය කළ යුතු වෙනවා. එම ක්‍රියාමාර්ග ගත්තේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. දුම්කොළ භාවිතය අවම කිරිමට පසුගිය රජය සමයේ කටයුතු කිරිමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කළත් ඊට බාධා එල්ල වුනා. කුමන බාධක පැමිණියත් රජය ඉදිරියටම ගමන් කරනවා. වසර 2020 දක්වා රජය පවතින අතර, ඉන් පසු නව ගිවිසුමක් යටතේ වසර 2025 දක්වා රට පාලනය කරනවා.” යැයිද ඔහු පැවසුවා.