ඩෙංගු අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට ඕස්ටේ්රලියාවේ උපරිම සහය ලබාදෙන බව එරට විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිසොෆ් පවසනවා. දිවයිනට පැමිණ සිටින ඕස්ටේ්රලියානු විදේශ අමාත්‍යවරිය අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වු අවස්ථාවේදී මේ බව කියා සිටියා.
රජය ක්‍රියාත්මක කර තිබෙන ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රුපියල් මිලියන 58ක මුදල් පරිත්‍යාගයක් සිදු කරන බවද ඕස්ටේ්රලියානු විදේශ අමාත්‍යවරිය මෙහිදී කියා සිටියා. එමෙන්ම ඕස්ටේ්රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු මදුරුවන් පාලනය කරන වොල් බැචියා නමැති බැක්ටීරියාව හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 118ක මුදලක් ඕස්ටේ්රලියානු රජය මගින් වැය කිරීමට නියමිතයි.